Temples of Sri Lanka

අති පූජනීය කොටුගොඩ ධම්මාවාස මහානායක හිමියන් ට දලයි ලාමා හිමියන්ගෙන් ලිපියක්..

His Holiness the Dalai Lama's reply to the Supreme Patriarch Most Ven. Kotugoda Dhammawasa Mahanayake Thero.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක කොටුගොඩ ධම්මාවාස මහානායක හිමියන් වෙත ටිබෙටයේ අධ්‍යාත්මික නායක 14 වැනි දලයි ලාමා හිමියන් විසින් ලිපියක් යොමු කර තිබෙනවා. ඒ් පසුගිය ජූලි මස 6 වැනිදාට යෙදී තිබූ දලයි ලාමා හිමියන්ගේ 85 වැනි ජන්ම දිනය වෙනුවෙන් කොටුගොඩ ධම්මාවාස මහානායක හිමියන් විසින් එක් කළ සුභ පැතුම් ලිපියට පිළිතුරක් ලෙසයි.

                          THE DALAI LAMA

21 July 2020

The Most Reverend Kotugoda Dhammawasa
Uththareethara Maha Nayake Thero
SRI LANKA AMARAPURA MAHA NIKAYA
Sri Dharmapala Road, Mount Lavinia
SRI LANKA.
 

Dear Spiritual Brother,

Thank you for your greetings on behalf of the Maha Sangha and others on the occasion of my 85th birthday. I am touched by your warm words.

I am pleased to tell you that I am in good health and expect to remain so for the foreseeable future. I firmly believe that it is my efforts to practice altruism – putting others before myself -that makes this possible. I look forward to continuing some service to humanity.

As you may know, among my life’s commitments, I’m dedicated to encouraging people to be happy – to helping them understand the importance of incorporating human values like compassion, tolerance, contentment and self-discipline into their lives and securing peace of mind. Also, as a Buddhist monk, I’ve dedicated myself to encouraging harmony among the world’s religious traditions.

In recent years I have been trying to revive awareness of the value of ancient Indian knowledge- with its rich understanding of the workings of the mind and emotions among young Indians. I’m convinced that this wisdom, viewed from a secular, academic, perspective, and when it is combined with modern education, could make a valuable contribution towards building a more compassionate, peaceful world.

With my prayers and good wishes,

                                        Yours sincerely,         

 


එම ලිපියේ සිංහල පරිවර්තනය පහතින්:

“අති පූජනීය කොටුගොඩ ධම්මාවාස හිමි.
උත්තරීතර මහානායක,
ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය,
ශ්‍රී ධර්මපාල මාවත, ගල්කිස්ස,
ශ්‍රී ලංකාව.

දයාබර අධ්‍යාත්මික සහෘදයාණෙනි,

මාගේ 85 වැනි ජන්ම දිනය නිමිත්තෙන් මහා සංඝයා වහන්සේලා නියෝජනය කරමින් ඔබවහන්සේ මට එවන ලද උපන්දින සුභ පැතුමට බෙහෙවින් ම ස්තුතිවන්ත වෙමි. ඔබේ වදන් මගේ හදවතට බොහෝ සෙයින් සමීප වූ බව සඳහන් කළ යුතුමය.

මා ඉතාමත් ම හොඳ සෞඛ්‍යය තත්වයක පසුවන බව සතුටින් මතක් කර සිටින අතර ඉදිරි අනාගතයේ ද මාගේ යහපත් සෞඛ්‍ය තත්වය එලෙසම පවතිනු ඇති බව අපේක්ෂා කරමි. පරාර්ථකාමීත්වය පුරුදු පුහුණු කිරීමට ගන්නා වූ වෑයම කෙනෙකුගේ සෞඛ්‍යය තත්වය තව තවත් යහපත් කරනු ඇති බව මා දැඩි ලෙස විශ්වාස කරමි. එබැවින් මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් ඉදිරියටත් මාගේ සේවය ලබා දීමට හැකිවනු ඇත.

ඔබ දන්නා පරිදි දයානුකම්පාව, ඉවසීම, ආත්ම තෘප්තිය හා ස්වයං විනය වැනි මානව සාරධර්ම තුළින් තම මනසේ සාමය ආරක්ෂා කර ගනිමින් ජීවිතය සතුටින් ගත කරන්නේ කෙසේද යන්න පිළිබඳව මිනිසුන් දිරිමත් කිරීම වෙනුවෙන් මාගේ ජීවිතය තවදුරටත් කැප කරමින් සිටිමි. එමෙන්ම බෞද්ධ භික්ෂුවක් ලෙස ලෝකයේ විවිධ ආගමික සංස්කෘතීන් අතර සංහිඳියාව ඇති කිරීමට දිරිගැන්වීම කෙ‌රෙහි ද කැප වී සිටිමි.  

මෑත කාලීනව “මිනිස් මනස සහ සංවේදනයන්” පිළිබඳව පුරාණ ඉන්දියානු ඉගැන්වීම්වල වැදගත්කම හා ඒ්වායේ ඇති පොහොසත් බව පිළිබඳව තරුණ ඉන්දියානුවන් ගේ අවධානය යොමු කරවීම කෙරෙහි මා කටයුතු කරමින් සිටිමි. මා හට ඒ්ත්තු ගිය කාරණය වූයේ මෙකී ඥාන සම්භාරය ශාස්ත්‍රීය දෘෂ්ටි කෝණයකින් හා නූතන අධ්‍යාපන ක්‍රමය සමඟ සංයුක්ත වෙමින් වඩාත් සානුකම්පිත සාමකාමී ලෝකයක් ගොඩනැගීම සඳහා වටිනා දායකත්වයක් ලබා දිය හැකි බවයි. 

ආශිර්වාදය හා සුභ පැතුම් ! 

ඔබේ විශ්වාසී,

( අත්සන) “

 

 

 

 

You might also like
en English
X
X