Temples of Sri Lanka

DIWALI – THE FIVE DAY FESTIVAL OF LIGHTS

මේ දීපවාලී මහෝත්සවයයි....ආලෝකය පෙරදැරිව අදුරෙන් ආලෝකය කරා පිය මනින කාලයයි...

This is the Diwali (Deepavali) festival….
It’s time to step out of the darkness and into the light…

Every religion marks a historical event and any historical event and story as a starting point. Deepavali is also associated with such historical events and stories. This is said to come from the Sanskrit word Deepavali which means light lanterns.

The return of Rama to his people or his return to Ayodhya after 14 years of captivity was solemnly celebrated by the Hindus. It is also said that Deepavali Aloka festival is celebrated in honor of Ramachandra, the seventh incarnation of Lord Vishnu.

The festival is also said to commemorate Goddess Lakshmi, the goddess of light or happiness and good fortune rather than darkness. There is also a great belief among Hindu devotees that she will travel around the earth on this day and enter a clean and bright home. Legend has it that this is the day when Goddess Durga destroyed a demon named Misha.

Deepavali is a five-day light festival celebrated by millions of Hindu devotees around the world with gifts, fireworks and festivities and various kinds of food items.. Deepavali, which coincides with the harvest and New Year celebrations, is a festival that gives a fresh start and symbolizes the victory of good over evil and light over darkness.

In India, Deepavali is celebrated at the end of the monsoon season when the weather is pleasant. On festive occasions, as part of this, people pay off their old debts, buy new clothes, and clean their homes thoroughly to welcome the deities. It lasts between the months of October and November and although the day changes in some way every year, it starts on November 12 this year and is a five-day festival.

The main day of commemoration falls on November 14 this year (2020). This period can be described as a very popular time among the children as they enjoy themselves at their homes and almost all locations like shops, public places, households are very brightly lit and decorated.
Goddess Lakshmi, who is considered to be the Goddess of Wealth, is worshiped and revered as the person who brings blessings to the New Year. It is a festival celebrated by the Hindu devotees with many beautiful offerings.

 

May you all enjoy a very happy and a prosperous Diwali!!!

 

Dr. Damenda Porage

© Buddhist Brotherhood


මේ දීපවාලී මහෝත්සවයයි….
ආලෝකය පෙරදැරිව අදුරෙන් ආලෝකය කරා පිය මනින කාලයයි…ලක්ශ්මී මෑණියන් නව වසරට සුපැතුම් ..මල් ඵල ගන්වන කාලයයි…
සෑම ආගමකම එහි ආගමික උත්සවයක් සනිටුහන් වීමට කුමක් හෝ ඓතිහාසික සිදුවීම් හා කතා වස්තුවක් මූලාරම්භක සලකුණ ලෙස සනිටුහන් කරයි. දීපාවලී උත්සවය ටද එවැනි ඓතිහාසිකවූ සිදුවීම් හා කතා වස්තූන් බැඳී පවතී. මෙය දීපවාලි යන සංස්කෘත වචනයෙන් පැමිණෙන්න ක් වන අතර එහි අර්ථය ආලෝකමත් පහන් පේලි යන අදහස ගෙනෙන බව කියැවේ.
අවුරුදු 14ක වහල් භාවයෙන් පසු රාම තම ජනතාව වෙත ආපසු පැමිණීම හෙවත් අයෝධ්යාවට නැවත පැමිණීම හින්දු භක්තිකයෝ ඉතා උත්සවාකාරයෙන් උත්කර්ෂවත් ලෙස පවත්වන ලදී. විෂ්ණු දෙවියන්ගේ හත් වන අවතාරය වන රාමචන්ද්ර ට ගෞරව කිරීම සඳහා දීපාවලි ආලෝක උත්සවය සමරනු ලබන බව ද සඳහන්ය.
අන්ධකාරයට වඩා ආලෝකය හෙවත් සතුට හා වාසනාව පිළිබඳව දේවතාවිය වන ලක්ශ්මි දෙවියන් සිහිපත් කිරීමටද මෙම උත්සවය උත්සවාකාරයෙන් පවත්වන බව කියැවේ. එසේම ඇය මේ දිනයේ පෘථිවිය වටා සැරි සරමින් පිරිසිදු හා දීප්තිමත් නිවසකට ඇතුළු වන බවට ද විශාල විශ්වාසයක් හින්දු බැතිමතුන් අතර ඇත.
එසේම දුර්ගා දේවතාවිය මීෂා නම් යක්ෂයෙකු විනාශ කළ දිනය මේ දිනය ලෙස සලකමින් ඉතා උත්සවශ්රීයෙන් සැමරීමද සිදුකරන බවට ජනප්රවාදයේ ඇත.
දීපවාලි යනු ලොව පුරා මිලියන සංඛ්යාත හින්දු ජනතාව සමරනු ලබන දින පහක පහන් ආලෝකය සහිත වූ උත්සවයකි. අස්වැන්න හා අලුත් අවුරුදු සැමරුම් සමග සමපාත ව පවත්වනු ලබන දීපවාලි යනු, නව ආරම්භයක් දනවන උත්සවයක් වන අතර නපුරට වඩා යහපත ජය ගැනීම සහ අන්ධකාරය ට වඩා ආලෝකය යන තේමාව සනිටුහන් කරමින් මෙම උත්සවය පවත්වනු ලබයි. ලොව පුරා මිලියන සංඛ්යාත හින්දු භක්තිකයින්, තෑගි හුවමාරු කරගනිමින්, ගිණි කෙළි සහ උත්සව, ආහාර පාන හා මුල් වූ නවෝදයක් සමඟ දීපවාලී උත්සවය උත්සවශ්රීයෙන් සමරති .
ඉන්දියාවේ දීපවාලි උත්සවය පැවැත්වෙන්නේ මෝසම් සමය අවසන් වී පැහැදුන් කාලගුණයක් ඇති වන විට ය. උත්සව අවස්ථාවන්හිම, කොටසක් ලෙස මිනිසුන් තම පැරණි ණය ගෙවීමට, නව ඇඳුම් නිමවීමට හෝ මිලදී ගැනීමට, සහ ඔවුන්ගේ නිවාස හොඳින් පිරිසිදු කිරීම කරති.
ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාසයන් අතර කාලයක මෙය පවතින අතර සෑම වසරකම දිනය යම් ආකාරයකින් වෙනස් වීමකට භාජනය වුව ද එය මෙම වසරේදී නොවැම්බර් 12 වන දින ආරම්භ වන අතර දින පහක් පවතින උත්සවශ්රීයකි. ප්රධාන සැමරුම් දිනය මේ වසරේ නොවැම්බර් 14 වන දිනට (2020) එනම් අදට යෙදී ඇත.
තමන්ගේ නිවාස, කඩ සංකීර්ණ, පොදු ස්ථාන, ඉතා පහන් ආලෝකයෙන් සරසා ඒකාලෝක කරමින්, රසකැවිලි භුක්ති විඳිමින් සතුට පෙර දැරිවූ මෙම වකවානුව, ළමයින් අතර ඉතා ජනප්රිය කාලසීමාවක් ලෙසට සඳහන් කළ හැක.
ධනයේ දේවතාවිය ලෙස සැලකෙන ලක්ශ්මි දෙවියන්, නව වර්ෂයට ආශිර්වාද ගෙනෙන තැනැත්තිය ලෙස සලකමින්, වන්දනාමාන කරමින්, ගතකරන මෙම දීපාවලි උත්සවය ඉතා මනරම් පූජා රැසකින් හෙබි වූ ඉතාමත් ජනාදරයට පත් හින්දු බැතිමතුන් අතිශයින්ම උත්සවශ්රියෙන් සමරන මහෝත්සවයකි.
සැමට සුබ දීපවාලියක් වේවා🙏🙏🙏

 

© Buddhist Brotherhood

 

You might also like
en English
X
X